කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එම නිවෙස් වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිට අද ( 22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම පිරිස අද දින උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
වැටුප් සහ ආහාර නොලැබීම , උදෑසන සිට රාත්‍රී වනතුරු වැඩ ගැනීම , පහර දීම් වලට ලක් වීම සහ විවිධ වධ හිංසා වලට ලක්වූවන් පිරිසක් මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .
ඔවුන් තම අසීරුතා තවදුරටත් දරා ගත නොහැකිව , තමන් සේවය කරමින් සිටි නිවෙස් වලින් පැන ගොස් , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි කාන්තාවන් පිරිසකි .
කටුනායක - ටි.කේ.පි කපිල