කලුගගේ මැණික් සෙවු අයෙක් අතුරුදහන්
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්ෂාව යටතේ පවතින කිරිඇල්ල, හැරණියාවක, කලූගගේ වක්කලම නම් මැණික් නිධියේ ඉල්ලම් සොයා කිමිදුම් කට්ටල බැදගෙන 02දා රාත්රී දියයට ගිය පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවට අද (03) දින අලූයම පැමිණිල්ලක් ලැබී ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අවිස්සාවේල්ල, ඇස්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ ප්රියන්ත නැමැත්තෙක් බවද පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය පවසයි.
රත්නපුර, දොඩම්පේ, තුන්අදහේනේ පදිංචිකරුවෙකු වූ සුමේධ සංජීව නැමැති අය විසින් මෙම අතුරුදන්වීම ගැන කිරිඇල්ල පොලීසියට පැමිණිලි කර ඇත්තේ අද (03) අලූයම පහට පමණය.
මේ දිනවල කලූගගේ ජල මට්ටම අඩුවී තැනින් තැන වැල්ල මතුවී ඇතත් මෙම මැණික් නිධිය ඇති තැන ගැඹුර අඩි තිස්පහක් පමණ වියහැකි යැයි පොලීසිය අනුමාන කරයි.
ලෙල්ලොපිටියේ චාමික ජයශංඛ, දේවාලගාවා ගනේගොඩ චමින්ද රත්නායක, අවිස්සාවේල්ලේ අමෝන් සංජය සහ අතුරුදන්වූ ප්රියන්ත යන අය සමග මැණික් ගැරීම තහනම්කර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරක්ෂාව යටතේ ඇති කිරිඇල්ල, හැරනියාවක, කලූගගේ වක්කලම නම් මැණික් නිධිය ඇති තැන කම්ප්රෙෂර් සහ කිමිදුම් කට්ටල භාවිතාකර 02දා රාත්රී මැණික් ඉල්ලම් ගොඩගැනීම කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ඇතිව කිමිදුම්කරුවන් යොදවා අතුරදන් පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන බවද පොලීසිය පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

