මන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.
යුද හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද තුරැලිය වෙනුවෙන් අපි වන වගා සංග්‍රාමයේ තවත් අදියරක් වශයෙන් නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා එතුමන්ගේ මගපෙන්වීම මත කල්ලාරු පාලම අසළ පැළ 500 ක් ඊයේ (07) දින රෝපණය කරන ලදි.
තුරුලිය වෙනුවෙන් අපි වැඩසටහන යටතේ පළමු අදියර වශයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විල්පත්තුව අවට පැළ 45,000ක් සිටුවීමත් එහි දෙවන අදියර වශයෙන් විල්පත්තුව මරච්චිකඩිඩි ප්‍රදේශයේ පැළ 8,000ක් සහ සිලාවතුර සිනත් නගර් ප්‍රදේශයේ පැළ 1000ක්, වශයෙන් රුක් රෝපණ ක්‍රියාවලිය සිදුකරන ලදි.
එහි තවත් එක් පියවරක් වශයෙන් කල්ලාරු පාලම අසළ දී අඹ, අනෝදා, සුදු සදුන් වැනි ප්‍රදේශයට ආවේණික ශාක රෝපණය කරන ලදි.
මෙම අවස්ථාවන් වෙනුවෙන් 21 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ 213 බලසේනාධිපති කර්නල් කේ.ඒ. රත්නායක මහතා සහ ප්‍රදේශයේ සිංහල දෙමළ හා මුස්ලිම් පාසල් දරුදැරියන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් හේමාස් අවුටිරිචි සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරොමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රහය මත පැවැත්විණි.