හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස සිදුකළ අධ්‍යයනයන් ආරක්ෂිත හේතූන් මත තාවකාලිකව නවතා දැමූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ්-19 ආසාදිතයන් සඳහා නිර්දේශ කළ සහ පසුව තමා විසින් දැනටමත් පාවිච්චි කරන බව පැවසූ මෙම මැලේරියා ඖෂධය පිළිබඳ වූ අධ්‍යයනයන් නවතා දැමූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (25දා) ජිනීවා නුවරදී පවසා සිටියේය.
වෛද්‍ය ජර්නලයක් වූ ලැන්සෙට් විසින් හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බවට ප්‍රකාශයට පත්වූ නිරීක්ෂණ අධ්‍යයනයකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා අත්හදා බැලීමේදී ස්වාධීන විධායක කණ්ඩායමක් විසින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිතය පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බව පැවසූ ටෙඩ්රොස්, මෙම විධායක කණ්ඩායම ආසාදිතයන් වාර්තා වන රටවල් 10ක් නියෝජනය කරන බවද පැවසීය.