කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව සිටින රෝගීන් සඳහා හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය ලබාදීම ගැන සිදුකළ අධ්‍යයනයකදී කිසිදු ප්‍රතිලාභයක් අත් නොවූ බව හෙළි වූයේ යැයි නිව්යෝක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස් හොවාර්ඩ් සකර් පවසයි.
"කෙසේ වෙතත් ඔබ එම ඖෂධය ඇසිත්‍රොමොසින් සමග ලබාදුන් විට අසාමාන්‍ය හෘද රිද්මයක් ඇතිවීමේ ගැටලුවක් ඇති බව පැහැදිලිව දැන සිටියා" සකර් පැවසීය.
මේ අතර නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ, "හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් රෝහල්වල අත්හදා බැලීම සඳහා යොමුකර තිබුණත්, එම පරීක්ෂණවලදී ඖෂධය ඉදිරියට භාවිත නොකරන ලෙස තහවුරු වී තිබෙනවා" යැයි සඳහන් කළේය.
මැලේරියා රෝග තත්ත්වයන්ට ලබාදෙන හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය කොවිඩ්-19 රෝගීන් සඳහා යෝග්‍ය බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලදී නිර්දේශ කළ අතර, පසුව අවස්ථා ගණනාවකදී එම තර්කය හිතලුවක් බව සනාථ විය.