කුලියාපිටිය පොලිස් වසමට අයත් වල්පිටගම -දණ්ඩගමුව මාර්ගයේ තලහිටිමුල්ල වෙන්දේසි වත්ත ආසන්නයේ කාණුවක තිබි ජීව උණ්ඩ හා හිස් පතුරම් කොපු තොගයක් සොයාගැනිමට කුලියාපිටිය පොලීසියට අද (13) හැකිව ඇත.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගය සුද්ධ කිරිමේ නිරතව සිටි කම්කරුවෙකු උණ්ඩ තොගය දැක කුලියාපිටිය පොලීසිය දැනුවත් කර ඇති අතර කුලියාපිටිය අපරාධ අංශයේ නිලධාරින් පැමිණ එම උණ්ඩ තොගය පොලිස් ස්ථානය කරා රැගෙන ගිය අතර එහි තිබි පිස්තෝල ජීව උණ්ඩ 242 ක් ,බෝර 12 වර්ගයේ ජීව පතුරම් 06 ක්,5.56 45 මිලිමිටර වර්ගයේ ජීව උණ්ඩ 316 ක් ,බෝර 12 වර්ගයේ විනාශ වි ගිය පතුරම් කොපු 04 ක් ,පුහුණුව සඳහා යොදාගන්නා රබර් උණ්ඩ 106 ක්,පුහුණුව සඳහා යොදාගන්නා හිස් උණ්ඩ 163 ක්,7.62 51 මිලිමිටර වර්ගයේ ජිව පතුරම් 48 ක් හා 7.62*51 මිලිමිටර වර්ගයේ හිස් පතුරම් 24 ක් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ කුලියාපිටිය මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක කමල් රත්නායක මහතා ඇතුළු නිලධාරින් විසින් සිදුකිරිමට නියමිතව ඇත.
වඩුමුන්නේගෙදර ටි.පි අධිකාරි