කොලොම්බියාව ඊයේ (01දා) නව කොවිඩ්-19 ආසාදිතයන් 10,673ක් වාර්තා කිරීමත් සමග දෛනික කොරෝනා වෛරසය රෝගීන්ගේ නව වාර්තාවක් තබා ඇති අතර, ඒ සමග රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 306,181ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙදින් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 225ක්ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලියාපදිංචි කර ඇති අතර, එය දින 10ක් තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව වුවවද මේ වනවිට රටේ සමස්ත මරණ සංඛ්‍යාව 10,330ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සති දෙක තුළ කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිවී තිබියදීත්, කොලොම්බියානු රජය වැඩිපුරම පීඩාවට පත් ප්‍රජාවන් ආශ්‍රිතව පමණක් අගුලු දමා ඇති අතර, රටේ විශාල ප්‍රදේශයක් අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් කොලොම්බියාව තුළ ක්‍රියාත්මක වන හදිසි තත්ත්වය අගෝස්තු 30දා දක්වා පවතින බව එරට රජය පවසයි.