අප්‍රිකානු මහාද්වීපයේ , ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .
මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර , අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ
මෙම කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩ ආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි .
රංග දැනට ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවරත් , සුදම් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති .
මෙම කඳු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම අද දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ඔහු පිළිගැනීම සදහා සිය දෙමාපියන් ඇතුළු ඥාතී - හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .