කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිව තිබෙන ගැටලුව සාමකාමීව විසඳා ගැනිම වෙනුවෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මැදිහත්ව ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.
ඒ අනුව කල්මුණේ මුස්ලිම් ජනතාව ඊයේ (05දා) කොළඹදී අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා හා සාකච්ඡාවක් පවත්වා තිබේ.
මේ සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතාද එක්ව තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්මුණේ ඇතිව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදීද මැදිහත්ව කටයුතු කරන බවයි.