කලමැටිය ධීවර වරායේ අද අලුයම ඇතිවූ ගින්න පිළිබඳව සොයා බැලිමට තමන්ගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු දිලිප් වෙදආරච්චි මහතා,
“ කලමැටිය ධීවර වරායේ අද අලුයම ඇති වූ ගින්න දැනගත් වහාම මම එම ගින්න මැඩපැවැත්වීම සදහා අදාළ අංශ දැනුවත් කර නිලධාරීන් කඩිනමින් යොමුකිරීමට කටයුතු කළා . ඊට අමතරව මේ පිළිබඳ සොයාබැලීමට විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මම වහාම කලමැටියට යොමුකලා . ගින්න ඇති වූ ආකාරය පිළිබඳව වගේම ගින්නෙන් සිදුව ඇති හානිය ඔවුන් සොයාබලමින් සිටිනවා .
දැනට ලැබී ඇති ඇති තොරතුරු අනුව බෝට්ටු 27කට අධික ප්‍රමාණයක් ධීවර ආම්පන්න සමග සම්පුර්ණයෙන් විනාශ වෙලා. සිදුව ඇති හානිය තවමත් ගණන් බලා නැහැ . නමුත් සිදුව ඇති විනාශය ඉතා විශාලයි . මම පොලීසියට නියෝග කළා වහාම මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර ගින්න ඇති වූ අකාරය පිළිබඳව සොයාබලන ලෙස .
මොකද අපි ඉදිරි මාසයේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබු කලමැටිය ධීවර වරාය තුළ තමයි මේ ගිනිගැනීම සිදුවෙලා තියෙන්නේ . විනාශ වූ බෝට්ටු සදහා මෙන්ම පිඩාවට පත්ව සිටින ධීවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා . අදාළ වාර්තා ලැබුණු වහාම අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබඳ දැනුම් දීලා අදාළ සහන ලබාදීමට කටයුතු කරනවා . මේ පිළිබඳව රජය දැනුවත් කර රජයක් ලෙස වගේම අමාත්‍යංශය ලෙස දිය හැකි සියලු සහන ලබා දීමටත් , පිඩාවට පත්ව සිටින ධීවර ජනතාවට නැවත සිය කර්මාන්තයේ නිරත වීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් කඩිනමින් කටයුතු කරන බව කියන්න ඕනේ . ඒ වගේම මම කලමැටිය වරායට ඉතාම ඉක්මණින් ගිහින් මේ තත්ත්වය සොයාබැලීමට වගේම ලබා දිය යුතු සහන පිළිබඳවත් කටයුතු කරනවා ”යයිද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .