කලබල වී ඉතා ඉක්මණින් කැනඩාව යළි විවෘත කළොත්, දැන් කරමින් සිටින සෑම දෙයක්ම නිශ්ඵල වනු ඇති බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අවධාරණය කරයි.
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් අනතුරු අඟවමින් කියා සිටියේ, කොවිඩ් -19 හි දරුණු තත්ත්වයෙන් රට මෙතෙක් රට බේරී තිබුණද, රටක් වශයෙන් කැනඩාව වසා දැමීම ඉදිරි සති කිහිපය දක්වා පවතිනු ඇති බවයි.
"අපි ඉතා ඉක්මණින් නැවත විවෘත කළහොත්, අප දැන් කරමින් සිටින සෑම දෙයක්ම නිෂ්ඵල වනු ඇති" ටෘඩෝ ඔටාවා හි දිනපතා ප්රවෘත්ති සාකච්ඡාව අමතමින් ඊයේ (15දා) කියා සිටියේය.
කැනඩාවේ මේ වනවිට ආසාදිතයන් 28,253ක් සහ මරණ 1,010ක් වාර්තා වෙයි. එම මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් දිගු කාලීන ප්රතිකාරවලින් පසුව සිදුවූ මරණයන්ය. එක්සත් ජනපදය සහ යුරෝපයේ බොහෝ රටවල් සමග සැසඳීමේදී කැනඩාවේ තවමත් ඒක පුද්ගල ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් දැකිය හැකිය.
නමුත් රට ඕනෑම වේලාවක ඉක්මනින් යළි විවෘත වන බව ඉන් අදහස් නොවන බව පවසන කැනඩා අග්‍රාමාත්‍යවරයා, එය නිසැකවම මැයි 01දා සිදු නොවන බවද අවධාරණය කළේය.
"අපි ඉක්මණින්ම සීමාවන් නිදහස් කිරීම නිසා, හදිසියේම කොවිඩ් -19 හි තවත් විශාල රැල්ලක් නැවත පැමිණියොත්, එය භයානක වනු ඇති" ඕනෑම විවෘත කිරීමක් අදියර වශයෙන් සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.