භෝග වගාවන්ට දැඩි තර්ජනයක් සහ ව්‍යසනයක්ව ඇති සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගාකරුවන් පවසයි.
මෙයට පෙර මෙම සේනා දළඹුවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණානාවක වාර්ථා වුවද පුත්තලම දිස්ත්‍රික්කයේ වාර්තා නොවු අතර දැනට සතියක දෙකකට සිට මෙම දළඹුවා ගෝවා සහ බිට් රුට් වගාවන්ට දැඩි හානි එල්ල කරමින් වගාවන් වනසමින් ඇති බව වගාකරුවන් පවසති.
රාත්‍රි කාලයේ වගා බිම් වල සැරිසරමින් දැවැන්ත ව්‍යසනයක් සිදු කිරීමට හැකියාව ඇති මෙම දළඹුවා සේනා දළඹුවාට සමාන බවත් පවසන වගාකරුවන් තවමත් කිසිදු කෘෂීකර්ම සම්බන්ධ නිලධාරියකු පැමිණ සොයා බැලිමක් සිදු කර නැති බවද පවසයි.
මේ වනවිට ගොවා වගාවන්ට දැඩි තර්ජනයක් වෙමින් ගෝවා ගසේ පත්‍ර කා දමමින් සැරිසරන බවත් එම දළඹුවා මර්දනයට කෘමිනාශක ඉසිම් කලත් කිසිදු ලෙසකින් දළඹුවා මර්දනය කල නොහැකි වි ඇති බවත් ඔවුහු පවසති.