ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කල්පිටිය,කන්ද කුළිය සහ තලවිල පදිංචි මෙම ධීවරයින් 13 දෙනා බහුදින යාත්‍රා දෙකකින්,2020 ජනවාරී 20 දින මෙරටින් සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.
එහි එරට වැසියන් හා එක්ව කෙන්දන් පන්නය නම් ධීවර රැකියාවේ නිරත වූ බවත්, මසක වැටුප් තමන්ට ලැබුණු බවත් මෙම ධීවරයෝ පවසති.
ඉන්පසු එරටේ ද ඇතිවූ කොරෝනා උවදුරත් සමග,තමන්ට රැකියා සහ වැටුප් අහිමි වී,සෞඛ්‍ය වශයෙන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටී,කෑම් බීම පවා නොමැති බැව්, ඔවුහූ වැඩිදුරටත් පවසති.
අප මේ ගැටලුව පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසුවෙමු. ඒ මහතා පැවසුවේ මේ ධීවරයින් පිළිබදව නිසි තොරතුරු සොයා බලා ,අදාළ නිලධාරීන් හා සාකච්ජා කොට නිසි පියවරක් ගැනීමට ක්‍රියාකරන බවය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි