කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ස්වං නිරෝධායනයට ලක්කරමින් සිටි පවුල් 5 ක 21 දෙනෙකු පි.සි.ආර් .පරික්ෂණ සදහා 8 දින දහවල් යොමු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
මෙසේ පි.සි.ආර් . පරික්ෂණ සදහා යොමු කර ඇත්තේ ඉලන්තඩිය අවමංගල උත්සවයකට සහභාගි වු පිරිසක් හා ඔවුන්ගේ ඥාතින් බව කියයි.
අදාල පිරිස් නිරෝධායනයට යොමු කිරිමට හේතු වි ඇත්තේ ඉලන්තඩිය අවමංගල උත්සවයකට සහභාගිවු දිවුලපිටිය පදිංචිකාරියක් මේ වන විට කොරෝනා ආසාධිත තැනැත්තියක් බවට හදුනා ගැනිමේන් පසුව බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ නමුත් මෙම කොරෝනා ආසාධිත කාන්තාව මෙම අවමංගල උත්සවයට දින 13 කට පෙර සහභාගි වි ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අදාල කාන්තාව ඇසුරු කල අවමංගල උත්සවයට සහභාගි වු පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිම 7 දින සිදුව තිබු අතර එම පිරිස පි.සි.ආර් පරික්ෂණ සදහා පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට යොමු කිරිම සිදුව තිබුනී.