කිළිනොච්චිය, මුරුකන්ඩි ප්රදේශයේදී ඊයේ (26) රාත්රියේ ටිපර් රථයකට වෙඩි තබා ඇත.
මුරුකන්ඩි ප්රදේශයේ නිවසක නවතා තිබු ටිපර් රථයක් මාර්ගයට ගැනීම සිදුකරන අවස්ථාවේ අදාළ වෙඩි තැබීම සිදුකොට ඇති බවයි.
වෙඩි තැබීමෙන් ටිපර් රථයේ රෝදයක් හිල් වි ඇති අතර, ටිපර රථයටද වෙඩි වැඩි ඇති බව ප්රදේශවාසිහු පවසති.
වෙඩි තැබීම කවුරුන් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වි නොමැත.
මාන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.