මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහ සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන් වෙතට ජලය රැගෙන යන ඇලමාර්ග පිලිසකර කිරීමට යුද හමුදාවේද සහාය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතාගේ උපදෙස් පරිදි 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත මණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් 652 වන බලසේනාවේ සෙබලු පිරිසක් විසින් කිලිනොච්චිය කොඩ්ඩෙයිකඩ්ඩයාර්කුලම් ප්රදේශයේ පිහිටි ප්රධාන ඇල මාර්ගය පිලිසකර කිරීම සඳහා සහාය දෙනු ලැබීය.
කොඩ්ඩෙයිකඩ්ඩයාර්කුලම් වැවේ ජලය කුඹුරු අක්කර 300කට ආසන්න ප්රමාණයක් වෙතට ජලය රැගෙන යනු ලබන කිලෝමීටර් 2කට අධික වූ ප්රධාන ඇලමාර්ගය මෙසේ පිළිසකර කිරීම සඳහා යුද හමුදා සෙබලුන් පිරිසක්ද සහභාගී වූ අතර ඊට අමතරව ප්රදේශවාසී ගොවින්ද සහය ලබාදීම සිදුවූ අතර ඉදිරියේදීද මෙලෙසින් ශ්රමදායකත්වය යුද හමුදාවෙන් ලබාදීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.