අවසන් යුද සමයේ කොටි සංවිධානය විසින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළදමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ ( 26) දා සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.
කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය විශේෂ කාර්ය බලකාය හා කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ මෙම කැනීම් සිදු කෙරිණ.
පැය කිහිපයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත යුද උපකරණයක් හෝ කිසිවක් නොලැබුණු අතර, කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවද පොලීසිය පැවසීය.
මීට පෙර අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය,අරවියල්නගර් ප්රදේශයේ හා මුල්ලිවයික්කාල් ප්රදේශයේ එල් ටි ටි සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.