කිලිනොච්චිය පච්චිලයිපල්ලි ප්රදේශයේදී කැලෑබද ප්රදේශයක තිබී මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ තොගයක් හමුවූ බවට පලෙයි පොලීසිය පවසයි.
පච්චිලයිපල්ලි ධර්මකේනි ප්රදේශයේ වැසියෙකු විසින් ඉඩමක් එලිපෙහෙලි කිරීම සඳහා කැලෑව කපමින් සිටියදී අදාල බෝම්බ දැක ඒ බව පලෙයි පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට පලෙයි පොලීසිය ගොස් සිදුකරන ලද සෝදිසි වලදී මෝටාර් උණ්ඩ 05ක් සහ අත්බෝම්බ දෙකක් තිබී හමු වී ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අතහැර දමා පලා යන්නට ඇති බවට පොලීසිය සැක පල සිටින අතර එම බෝම්බ කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහයෙන් නිෂ්ක්රීය කිරීමට පියවර ගන්නා බවටද පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.