කැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හා නයිවල උසස් තාක්ෂණික විද්‍යායතනය හෙට (5) සිට ලබන (9) වනදා දක්වා සතියක කාලයක් වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ අනුව මෙම විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට සිට සතියක කාලයක් නොපැවැත්වෙන අතර නේවාසිකාගාරවල සිටින සියලු දෙනා ඉන් පිටත්ව නිවෙස් වෙත යන ලෙස දන්වා තිබේ.