නවගමුව සිට කැලණි ගඟ හරහා පහළ මාපිටිගමින් දොම්පේ ප්රදේශයට පිවිසෙන කුඩා පාලම (ත්රීවිල් පාලම ) අසලින් කැලණි ගඟට දමා තිබූ තවත් ජීවඋණ්ඩ තොගයක් කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.
සිකුරාදා පෙරවරුවේ සොයාගත් ජීව උණ්ඩ 70ට අමතරව තවත් විවිධ වර්ගයේ ජීවඋණ්ඩ 147 සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම ජීවඋණ්ඩ අතර point 2.2වර්ගයේ උණ්ඩ 131මිලි 9 වර්ගයේ උණ්ඩ 10 හා බොර 12 ජීවඋණ්ඩ 16 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
පාලම අසල මාළු ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයෙක් ජීවඋණ්ඩ කිහිපයක් දැක ඒ බව නවගමුව පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව මෙම ජීවඋණ්ඩ සොයාගත් බව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පැවසීය.
මේ දිනවල විවිධ ප්රදේශවල ආරක්ෂක අංශ මගින් වැටලීම් සිදුකරන බැවින් කිසියම් පුද්ගලයකු ඒවා අසූවේයැයි බියෙන් ගඟට දමන්නට ඇති බව පොලිසිය සැක කරයි.
නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරවර්ධන මහතා පරීක්ෂණ පවත්වයි.