ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ හා ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පස්වරු 1.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 තෙක් වලංගු වෙයි.