මොරගහහේන ගෝනපොළ නාගහලොඩ වත්ත පාර අසල පාලු ඉඩමක කල් ඉකුත් වු ඖෂධ තොගයක් දමා ගිය සමාගමට එරෙහිව නීති ක්‍රියා මාර්ග ගැනීම සඳහා කටයුතු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.ජි ප්‍රසන්න කුමාර මහතා පැවසීය.
දමා ගොස් තිබු එම ඖෂධ තොගය ඔවුන් ලවාම ඉවත් කිරිමටත් කළුතර දිස්ත්‍රික් ආහාර ඖෂධ පාලක නුවන් පෙරේරා මහතා ගේ අධික්ෂණය යටතේ ඒවා කොළඹට රැගෙන ගොස් මුදා තැබිමට අවශ්‍ය පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට දින කිහිපයකට පෙර ගෝනපොළ නාගහගොඩවත්ත ප්‍රදේශයේ පුරා හමාගිය දුර්ගන්ධයත් සමඟ විමසිලිමත් වු ප්‍රදේශවාසීන්ට මෙම ඖෂධ තොගය දැක ගැනීමට ලැබීමත් මොරගහහේන පොලීසියට මෙන්ම හොරණ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කිරිමට පියවර ගත්හ.
කළුතර දිස්ත්‍රික් ප්‍රදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් මත එම ස්ථානයට පැමිණි හොරණ සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දිපානි එදිරිසිංහ ඇතුළු සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන විදානගේ යන මහත්ම මහත්මීන් එම ස්ථානයට පැමිණ ඖෂධ ඇසුරුම් පරික්ෂා කර අන්තර්ජාලය ඔස්සේ ගත් දුරකථන අංකයකින් ආදාළ සමාගමේ නිලධාරියා එම ස්ථානයට ගෙන්වා කළ වරද පහදා දිමට පියවර ගෙන ඇත.
කොළඹ 3 පුද්ගලික සමාගමකට සමාගමක් මගින් ආනයනය කරන ලද මෙම කල් ඉකුත් වු ඖෂධ මෙම ස්ථානයට බැහැර කිරිම සම්බන්ධයෙන් එම සමාගමේ කළමනාකාරවරයාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන මෙම 27වැනි දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස දැනුම් දි බැදුම්කරයක් මත මුදා හැරිය බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.