ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසයි.
එම සංගමයේ නියෝජිතයෝ අදාළ පැමිණිල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා වෙත ලිඛිතව භාර දී තිබේ.
ආයතනය දැවැන්ත පාඩුවකට මුහුණ පා සිටින අවධිය තුළදී ඉහළ කළමණාකාරිත්වය සදහා මෙතෙක් ආයතනය තුළ නොපැවති අලුත් තනතුරු නිර්මාණය කිරීමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවද, ඔවුහු සිය පැමිණීල්ලෙන් චෝදනා කර සිටිති.
මෙම පත්කිරීම් හේතුවෙන් සමාගමේ පාඩු ලැබීමේ තත්වය තවදුරටත් වර්ධනය වන බවද පැමිණිල්ල මගින් ඔවුහු පෙන්වා දෙති.
ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංගනය කරමින් සිටින බවද, අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.