Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා අද (01) පැවසීය.
මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය ඇති වූ දවසේ සිට පසුගිය උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉතාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්රණයක කූටප්‍රාප්තිය අපොස උසස්පෙළ ප්‍රතිඵල සමග ලැබී තිබෙනවා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට උසස්පෙළ ප්රතිඵලවල කලා අංශයේ පළමුවැනි ස්ථානය ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් කියලා පළ කර තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර පාසල් රජයේ පාසැල්වලට සමාන කර තිබෙනවා. මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා. මට පෙර මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරු රාශියක් ඉඳලා තිබෙනවා. හැබැයි කිසිම දවසක ජාත්‍යන්තර පාසැල් සිසුන් පෙනී සිටින ප්‍රතිඵල සමස්ත රටේ අතිමහත් බහුතර දරුවෝ පෙනී සිටින විභාග ප්‍රතිපල සමග කලවම් කරලා නැහැ.
මේ රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් ගෙවලා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල තත්ත්වය සමාන කරපු අවස්ථාවක් තිබෙනවාද කියලා පුලුවන්නම් පෙන්නන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ විභාග කොමසාරිස් ජනරාල්වරවරයාට හෝ වෙන ඕනෑම නිලධාරියෙකුටමම අභියෝග කරනවා.
මේ ජාත්‍යන්තර පාසැල්වල දරුවන්ට විභාගයට පෙනී සිටින්නත් බැහැ.ජාත්‍යන්තර පාසල්වල දරුවෝ යන්න ඕන ලන්ඩන් ඕලෙවල්, ලන්ඩන් ඒලෙවල් වැනි ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා. මේ රටේ ඕන කෙනෙකුට අයිතිය තිබෙනවා පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස උසස්පෙළ විභාගයට පෙනී සිටින්න.
පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිපලයි, රජයේ අයදුම්කරුවන්ගේ ප්රතිඵලයි එක සමාන මට්ටමකට දාලා විශ්ලේෂණය කරලා. ලංකාවේ කලා අංශයේ පළමුවැනියා එන්නේ ලංකාවේ පුද්ගලික පාසල්වලින් කියලා පෙන්නුවාම ඒක ඒක මොනරතම් නිදහස් අධ්‍යාපනයට කරන අපරාධයක්ද? මුදල් ගෙවලා ඉගෙන ගැනීමට දරුවන්ට අයිතියක් තිබෙනවා. ඒ අයිතියට අපි ගරු කරනවා.
නමුත් 45ලක්ෂයේ දරුවෝ කියලා ගණන් ගන්නේ රජයේ පාසල්වල දරුවොයි. ඒ අයට තමයි මහජනතාව බදු ගෙවන්නේ. ඔවුන් අතරින් තමයි සමස්ත ලංකාවේ පළමුවැනියා, දෙවැනියා,තුන්වැනියා තෝරන්නේ.මේ ප්‍රතිඵලය අනුව ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉතාම සූක්ෂම ලෙස අද වනවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙනවා. වෛද්‍ය පීඨය ඇතුළු අනෙකුත් පීඨවලට, විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. මේවා ඔක්කොම වසන් කරගෙන තමයි ඉන්නේ.
මේ රටේ සුරක්ෂිත කරන නිදහස් අධ්‍යාපනයයි බිස්නස් එකකකුයි එකට දාලා පුද්ගලික අයදුම්කරුවොයි රජයේ අයදුම්කරුවොයි සමාන කරන්න අධ්‍යාපන පනත අනුව අයිතියක් නැහැ. මේ රටේ අධ්‍යාපනය මෙහෙයවන්නේ නිදහස් අධ්‍යාපන පනතට අනුවයි.
1961 උපකෘත පාඨශාලා පනතක් තිබෙනවා. ඒ පනත අනුව තමයි අනිත් අධ්‍යාපන ඇමතිවරු වැඩ කරලා තිබෙන්නේ. අධ්‍යාපන ඇමතිවරු, විභාග කොමසාරිස්වරු වැඩකරන්නේ නීතීය අනුව. මඩුවක බෝඩ් එකක් ගහලා සමාගම් රෙජිස්ටාර් ළඟ ලියාපදිංචි කරලා ජාත්‍යන්තර පාසලක් කියන එකක් මටත් පටන් ගන්න පුළුවන්.
ඔබටත් පටන් ගන්න පුළුවන්. ඒකේ දක්ෂ ළමයෙක් හිටියා කියලා මේක තමයි අධ්‍යාපනය කියන්න බැහැ. රටක ජාතික ප්‍රතිපත්ති එහෙම තීන්දු වෙනවද?ජාත්‍යන්තර පාසලක ළමයෙකු ලැයිස්තුවට ඇතුළු කරන්න බැහැ. එහෙම අවසරයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා නැහැ. කවුරුවත් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නැහැ. අපි හිතනවාට වඩා ජාත්‍යන්තර මාෆියාව මුදල් බලය ගැන තේරුම් ගන්න හරි අමාරුයි. නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න යන කුමන්ත්‍රණය රටේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අනුව එය තේරුම් ගත යුතුයි.
ඒ අය සියලුම උපාය උපක්‍රම පාවිච්චි කරනවා. උපකෘත පාඨශාලා පනතේ 25(1) වගන්තියට අනුව,ලංකාවේ නීතීයට අනුව ප්‍රාථමික දරුවන්ට උගන්වන්න පුළුවන් විෂය නිර්දේශය රජයේ පාසැල්වලට පමණයි. වෙන අයට බැහැ. මේ රටේ ප්රබුද්ධ අධ්‍යාපනඥයෝ, බුද්ධිමතුන්, මහාචාර්යවරු, ආචාර්යවරු මේක ගැන සංවාදයක් ඇතිකරන්න ඕන. පළමු වතාවට මෙහෙම කුමන්ත්‍රණයක් ඇතිවෙලා තිබෙනකොට මේකෙ අලගිය වැලගිය මුලගිය තැන් හොයලා ආණමඩුවේ, අටකලම්පන්නේ ඉන්න දරුවට අත්වන ඉරණම ගැන සොයා බලන්න ඕන.“යනුවෙන් පවසා සිටියේය.
popular news
roshan Tuesday, 01 January 2019 02:11 PM
මෙයාට නම් හොඳටම පිස්සු ,,,
Reply : 0 21
Nandana Tuesday, 01 January 2019 03:00 PM
එකම විභාගෙට ලියපුවාම කොහොමද කුමන්ත්‍රණයක් වෙන්නේ
Reply : 0 18
ravi Tuesday, 01 January 2019 03:04 PM
සෑහෙන කාලයට පස්සේ ඔය කටින් වටිනා අදහස් කිහිපයක් ප්‍රකාශ කරලා තියෙනවා. දේශපාලන විරුද්ධවාදී කමක් යැයි නොසිතා මේ ගැන සොයා බැලිය යුතුයි. හැබැයි රජයේ පාසල් සියල්ලගේම සම අවස්ථා නොමැති නිසා ඈත ගමක මුදල් තියෙන අයකුට වෙන විකල්පයක් නැති බවද සැලකිය යුතුයි. කොළඹ හා පොලොන්නරුව රෝයල් එකසමාන නොවේ. අදක්ෂ විදුහල්පති වරයෙකු නිසා කොළඹ රෝයල් එක දැන් පොලොන්නරුවට සමානය.
Reply : 12 14
කන්නංගර Tuesday, 01 January 2019 03:51 PM
හැබැයි මෙයත් අධ්‍යාපනය විකුණමින් ටියුෂන් කරා නේද? දැන්ද නිදහස් අධ්‍යාපනය මතක් උනේ? අනේ නිකං යන්න මහත්තයෝ යන්න. ජාත්‍යන්තර පාසලකට ගියත්, රජයේ පාසලකට ගියත් මේ සේරම ලංකාවේ දරුවෝ. පුදුම කුහක කමක් නී මේ අයගේ තියෙන්නේ. බලය නැති එකේ වේදනව තමයි මේ එලියට පනින්නේ.
Reply : 0 58
Sam Warnakula Tuesday, 01 January 2019 03:52 PM
පෞද්ගලික උපකාරක පන්ති වලට යන අයගේ ප්‍රතිපල වල ගොරවය යන්නේ පාසලටද? පෞද්ගලික අද්යාපන ආයතනයටද?
Reply : 0 12
shan Tuesday, 01 January 2019 04:53 PM
මේ වගේ අයටත් ජනතාව චන්දෙ දෙන්නේ.
Reply : 0 24
silva Tuesday, 01 January 2019 05:12 PM
උම්බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ
Reply : 0 36
Champa Wednesday, 02 January 2019 02:16 PM
බන්දුලගේ සමහර අදහස් වලට මම එකඟ නැහැ. හැබැයි මේ කතාව ඇත්ත. මේ කියන තියෙන හේතුම නිසා නෙමෙයි. පහසුකම් නැති රජයේ පාසලක දහසක් දුෂ්කරතා මැද ඉගෙන ගන්න දරුවොයි ජාත්‍යන්තර පාසලක ඉගෙන දරුවොයි සමාන කරන්න බහ. එහෙම දරුවන්ට අනාගතේ විශ්ව විද්‍යාල වල තියෙන අවස්ථා ටිකත් ජාත්‍යන්තර පාසල් වලට යන ධනවතුගේ දරුවෝ උදුරා ගත්තහම දුප්පත් දරුවන්ට මොකොද වෙන්නේ? පයින් ගිහින් බඩගින්නේ පාඩම් කරලා විභාග වලට ලියන දරුවන්ගේ සහ එම දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවා විශ්ව විද්‍යාලෙට ගිහින් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරලා මුළු පව්ලම ගොඩ ගනියි කියන එක. දරුවා හිතන්නෙත් එහෙම. හැබැයි මේ වැඩෙන නිදහස් අධ්‍යාපනය ලබල දරුවන්ටත් තියෙන එකම අවස්ථා ටිකත් අනාගතේ ජාත්‍යන්තර පාසල් වල දරුවෝ උදුරා ගනියි. මේ වැඩේ වැරදියි.
Reply : 235 56
saman Wednesday, 02 January 2019 06:38 PM
මෙයාලට ප්‍රචාර දෙන්න එපා .
Reply : 0 11
saman Wednesday, 02 January 2019 06:43 PM
චම්පා කියන විදියට ඉන්තෙර්නතිඔනල් පාසල් වලට යන ජාතික විබාග කරන ළමය උසස්පෙළින් පස්සේ මොනවද කරන්න ඕනේ .
Reply : 1 26
Champa Thursday, 03 January 2019 03:10 PM
Saman ---- ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න ළමයි ඉඳ ගන්න ඕනේ ජාත්‍යන්තර විභාග වලට. ඒකනේ ජාත්‍යන්තර පාසල් වලට යන්නේ. ඊට පස්සේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ ඕනේ. ලංකාවේ විභාග වලට ඉඳ ගන්න ඕනේ නම් ලංකාවේ පාසල් වලට යන්න ඕනේ. නිදහස් අධ්‍යාපන ක්රමයේ අරමුණ පොහොසත් දෙමව්පියන්ගේ දරුවන්ට වගේම දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ටත් එක හා සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම. ලංකාවේ නොමිලේ විශ්ව විද්‍යාල තියෙන්නේ ගම්වල දුප්පත් දරුවන්ටත් පොහොසතුන්ගේ දරුවන්ට වගේම ඉහල රැකියා වලට යන්න. මෙහෙම් ගියොත් විශ්ව විද්‍යාල වල පොහොසතුගේ දරුවෝ විතරක් ඉඳියි. දැනටම එහෙම වෙනවා. වැඩිපුර දැනුම ගන්න ටියුෂන් යන්න සල්ලි නැති ගම්වල දුප්පත් දරුවෝ අඩු ලකුණු ගන්නිද්දී සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවෝ ටියුෂන් ගුරුවරු ගෙදර වලට ගෙනල්ල තමන්ගේ දරුවන් විභාග වලින් පාස් කරගෙන විශ්ව විද්‍යාල වලට යවනවා. මේවා වෙනස් වෙන්න ඕනේ. රජයේ පාසල් වලට යන සෑම දරුවෙක්ටම තමන්ගේ දැනුම වැඩි කරගන්න ලැබෙන අවස්ථා එක හා සමාන වෙන්න ඕනේ. මුදල් තියෙන නිසා එක දරුවන් කොටසකට වැඩි අවස්ථාත් මුදල් නැති නිසා තව දරුවන් කොටසකට එම අවස්ථා නැති වීමත් අසාධාරණයි. වෙනස් කරන්න දේවල් තියෙනව.
Reply : 1 0
Sumedha Thursday, 03 January 2019 04:25 PM
අධ්‍යාපනය යනු සියලු ළමුන්ට ඇති අයිතියකි.සියලු දෙමාපියන් උත්සහා කරන්නේ තම දරුවන් රජවරුන් කිරීමටය.ඒ සදහා කල හෙකි හොදම් දේ තම දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදීමය.නිසි පාසලක් නෙති විටදී ටම අතේ ඇති මුදල් වියදම් කොට හෝ එකී අධ්‍යාපනය දරුවන්ට ලබාදේ.එය රජයේ මෙන්ම පුද්ගලික පාසල්වලින්ද කියා බේදයක් නැත . දෙමාපියන්ට විකල්ප නැති නිසා ටම දරුවන් පුද්ගලික පසෙල් වලට යවති. එසේ උවත් එකී දරුවන්ට විභාගයට පෙනී සිටිනුයේ එක්කෝ ලන්ඩන් හෝ දේශීය ප්‍රශ්නපත්‍ර වලිනි. ඉතින් රජය විසින් පැවෙත් වූ විභාගයකදී ඉහල ලකුණු ගත් ළමයෙකු මෙසේ පහත් කොට තකීම ශිෂ්ඨ සම්පන්න සමාජය පිළිකුල් කිරීම වැළකිය නොහේ.
Reply : 1 1
Nuwan Friday, 04 January 2019 01:51 PM
ජ්‍යාත්තන්තර පාසලකට ගියත් රජයේ පාසලකට ගියත් පෙනී සිටින්නේ එකම විභාගයකට නම්, මොකක්ද එකේ තියන වෙනස. පුළුවන් දෙමාපියන් තමන්ගේ ළමයට උපරිම අධ්‍යාපනයක් ලබා දෙන්න මහන්සි ගන්නවා. කව්රුවත් නිකන් ඉඳල පොහොසත් වෙලා නැහැ. ඇයි සමහර දෙමුපියෝ දුප්පත් වෙලා ඉන්නේ. ඒ අයටත් මහන්සි වෙලා වැඩ කලොත් පොහොසත් වෙන්න පුළුවනි. ඇයි හැම තිස්සෙම පොහොසත් කියන අයට ඉරිසියා කරන්නේ. වැරැද්ද තියෙන්නේ දෙමාපියන්ගේ අතේ. ගොඩක් සල්ලි තියෙන අය ජ්‍යාත්තන්තර විභාග වලට පෙනී ඉඳල පිට රට ගිහින් වඩා හොඳ අවස්ථාවන් ලබා ගන්නවා ජීවිතේ ගොඩනගා ගන්න. ලංකාවේ විභාග කඩයිම් වෙඩි කරලා තියෙන්නේ ඇයි. ඒ ප්‍රමාණවත් අවස්ථාවන් දෙන්න පැවතුන සහ පවතින රජයන් අසමත් වී තිබෙන නිසයි. ඉතින් පුළුවන් කෙනෙක් තමන් උපයාගත් ධනයෙන් තමන්ගේ ළමයින්ට උසස් අධ්‍යාපනයක් දුන්නම මොකද වෙන්නේ. සමාවෙන්න මෙහෙමත් කියනවට. දෙමුපියෝ ළමයි හදන්න ඕනේ තමන්ට පුළුවන් තරමට. තමන් බිහිකරන ඒ අහිංසක ළමයින්ට නිසි මාර්ගයක් පෙන්නලා දෙන්න අසමත් නම්, තමන්ගේ ආසාවන් වලට මුල් තැන නොදී කාලකන්නි දරුවන් මෙලොවට බිහි නොකළ යුතුයි. ඔය දුප්පත් කියන ළමයි ඔයාලගේ දෙමුපියන්ගෙන් අහන්න ඇයි එයාල දුප්පත් උනේ කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd