කරුවලගස්වැව අලුත්ගම දුටුගැමුණු මහා විද්‍යාලයේ ඊයේ (9දා) පැවති කොරෝනා එන්නත් ලබා දීමේ අවස්ථාවේදි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා පිටස්තර පිරිසකට එන්නත් ලබා දීමට සුදානම් වු අවස්ථාවේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම්වරයා දැඩි ලෙස ඒ සදහා විරෝධය පෑමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇති බව කියයි.
මෙම එන්නත් මධ්‍යස්ථානය තුළ විරපුර, දංගස්වැව,සාලිය ඒ,බි,සී, ඉහලපුලියන්කුලම, පහලපුලියන්කුලම, මැදගම, මුණමල්ගස්වැව, රණවරා පිටිය, පළුගස්සේගම, අලුත්ගම, ඉපලෝගම, කුඹුවැව, රඹාවැව යන ග්‍රාම නිළධාරි වසම් වල 3500 කට ආසන්න පිරිසකට එන්නත් ලබා දිමට කටයුතු කර තිබුණි.
ජනතාවට කොරෝනා එන්නත් ලබා දිමේ අවස්ථාව කුමන ආකාරයෙන් පැවත්විය යුතු දැයි 8 දින විශේෂ සාකච්ජාවක් පැවති අවස්ථාවේ දී පවා කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාශයෙන් පිටත කිසිවකුටත් එන්නත් ලබා නොදිමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා දැඩි මතයක සිට ඇති බව කියයි.
කෙසේ නමුත් දුටුගැමූණු විද්‍යාලයේ පැවැති කොරෝනා එන්නත් ලබා දිම සාර්ථකව සිදුවෙමින් පැවතියදි 9 දින සවස 4 ට පමන පුත්තලමේ සිට පැමිනි 100 කට ආසන්න පිරිසක් විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසලත් එන්නත් මධ්‍යස්ථානය තුලත් රැදි සිටිමත් සමග එය කරුවලගස්වැව පිරිස් ප්‍රශ්ණ කිරීමකට පවා ලක්ව ඇති බව කියයි.
ඒ සමගම පුත්තලමේන් පැමිණී පිරිස සදහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා එන්නත් ලබා දීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස් විසින් එයට විරෝධය මතුකර ඇති බව කියයි.
කොසේ වෙතත් තමන්ගේ පිරිසක් පුත්තලමේ සිට පැමිණ ඇති බවත් එම පිරිසට එන්නත් ලබා දීමට කටයුතු කරන බවට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා තිබේ.
මෙහිදි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එයට විරෝධය මතු කර ඇති අතර තම කොඨඨාශයේ ජනතාවට එන්නත් ලබා දිමේන් පසුව මෙසේ එන්නත් ලබා දෙන බවට පැවසිමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව කියයි.
ඒ සමගම ප්‍රාදේශීය ලේකම්වරයා මතු කරන විරෝධය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා තම ජංගම දුරකථනයෙන් විඩියෝ කිරීමත් සමග උණූසුම් තත්වයක් බවට පත්ව තිබේ .
පසුව එම දෙදෙනා අතර ගැටුමක් ඇතිවිම වැලැක්විම සදහා එම ස්ථානයේ සිටි පිරිසක් කටයුතු කර ඇති බව කියයි.
සිද්දියෙන් පසුව ද පුත්තලමේන් පැමිණි පිරිස එන්නත් කරණ මධ්‍යස්ථානය තුල රැදි සිටිමත් සමග එම පිරිස දැඩි වෑයමක් යොදා ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුනී.
මේ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මෙම එන්නත් ලබා දිමේ අවස්ථාව ඉතා හොදින් සංවිධානය කර තිබුණා. කරුවලගස්වැව පොලිසිය, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව, කරුවලගස්වැව විවිධ සේවා සමුපකාර සමිතිය මේ සදහා නිසි දායකත්ව දක්වා තිබුණා.
නමුත් කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා අවසානයේ වැඩසටහන සම්පුර්ණයෙන් විනාශ කරන්න හැදුවා. එයාගේ පුත්තලමේ ඥාතින්ට එන්නත් ලබා දිම කරන්න හැදුවා .
නමුත් මම කිසිම ලෙසකින් ඒ සදහා ඉඩ ලබා දිම ප්‍රතික්ෂේප කලා මොකද මෙය කරුවලගස්වැව ඉදලා කිලෝ මිටර් 25 කට එහා තිබේන වෙනත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාශයක පිරිසකට දෙන්න කලින් මේ මිනිසුන්ට එන්නත් ලබා දිම කෙළයුතුයි.
මේ සිද්දියේදි එම්.ඕ.එච් මහත්තයා වැඩ කලේ හරිම පහත් විදිහට .අනිත් තැන්වල පිටතැන්වල අයට ලබා නොදෙද්දි කරුවලගස්වැව විතරක් එහෙම වෙන්න බැහෙ”
මේ පිළිබදව කල විමසිමේදි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ඒ.එම්. ෆවුමී මහතා මෙසේ පවසන්නට විය.
“එන්නත් වැඩි ප්‍රමානයක් අපිට ලැබී තිබුණා .ඒ නිසා මම පුත්තලමේ පිරිසට එන්න කිවුවා .ඒ ආපු පිරිසට එන්නත් ලබා දෙන්න ප්‍රාදේශීය ලේකම් විරෝධය පෑම සිදුවුවා. මේ එන්නත් ලබා දෙන්න යුධ හමුදාවත් කැමති වුණා. නමුත් ප්‍රාදේශීය ලේකම් දේශපාලන පිරිසක් එක්ක පුත්තලමේන් ආපු පිරිසට එන්නත් ලබා දිම වැලැක්වුවා”
