ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරීම නවතා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නැවතී ඇති බවට මාධ්‍ය පළකළ වාර්තා පිළිබඳව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
මේ පිළිබඳව රෝහල් අධ්යක්ෂවරයාගෙන් කරුණු විමසූ බවත් හෘද සැත්කම් ඒකකයේ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම ප්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍යකර්ම නතර කිරීමට සිදුවන බව අධ්යක්ෂවරයා දැනුම්දී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නිකුත් කළ නිවේදන
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය මීට කලකට පෙර අලුත්වැඩියා කර ඇත. ඉන්පසු යළි අලුත්වැඩියා කිරීම සඳහා එම රෝහලේ ප්‍රාදේශීය ටෙන්ඩර් මණ්ඩලය ටෙන්ඩර් කැඳවා ඇත.
එම මිල ගණන් සීමාවෙන් ඔබ්බට යාම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ටෙන්ඩර් මණ්ඩලය වෙත තීරණයක් ගන්නා ලෙස දැනුම්දී ඇත. ඒ රජයේ නීති රීති යටතේය.
අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය තීරණයක් ගෙන ඉදිරි දින කිහිපය තුළදී වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමට ආයතනයකට බාරදීමට නියමිතව ඇත.
මේ පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාගෙන් කරුණු විමසා ඇත. එහිදී අධ්යක්ෂවරයා දැනුම්දී ඇත්තේ කිසිදු හෘද ශල්‍යකර්මයක් නතර කර නොමැති බවයි. වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම ප්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍යකර්ම නතර කිරීමට සිදුවන බව අධ්යක්ෂවරයා දැනුම්දී ඇත.
