දේශීය කර්මාන්තකරුවන් බදු සහන ලබාදීමටත් කර්මාන්තකරුවන් යන්ත්‍ර හා උපකරණ ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී අය කරනු ලබන වැට් බදු ඉවත් කිරීමටත් තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (අද) 22 දින මිල්ලනියේදී පැවසීය.
දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය රජය දේශීය කර්මාන්ත දියුණු කිරීමට හා ඒවා ආරක්ෂා කිරීමට විශාල වැඩ කොටසක් සිදුකරන බව සිහිපත් කළේය.
මිල්ලනිය, බණ්ඩාරගම උස්වත්ත ගෝල්ඩන් බිස්කට් කර්මාන්ත ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් අද (22දා) පෙරවරුවේ පැවති උත්සවයකදි මේ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා තව දුරටත් මෙසේද කීය.
“ණය පොලිය පිළිබඳ ගැටළු විසදීමත් අප සාකච්ඡා කරමින් සිටිනවා. කර්මාන්තකරුවන්ට ලබාදිය යුතු තවත් සහන මොනවාදැයි අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒවාගේම අපනයනකරුවන්ටත් සහන ලබාදෙනවා. නිෂ්පාදනයන්ගෙන් කොටසක් අපනයනය කිරීමටත්, කොටසක් දේශීය වෙළෙඳ පොලට යොමු කිරීමටත් අප කටයුතු සූදානම් කර තිබෙනවා.
අධික ලාභ මත ලංකාවට ගෙන එන භාණ්ඩ නතර කිරීමට අප නීති සකස් කරනවා. වර්තමානයේ ඇතැම් අය අප දේශීය කර්මාන්තය විනාශ කරනවා යැයි පැවසුවත්, මෙවැනි වැඩකටයුතු රාශියක් හරහා දේශීය කර්මාන්තය දියුණු කිරීට , ආරක්ෂා කිරිමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරනවා. සංවර්ධන ව්‍යාපාති සඳහා මුදල් ලබාදෙන ආයතනයක් ඇතිකිරීමටද අප සූදානම්. මීට පෙර එම සේවාව රජය ලබා ගත්තේ ඩී.එෆ්.සී.සී සහ එන්. ඩී. බී බැංකු හරහායි. නමුත් පසුගිය පාලනය යටතේ එය පෞද්ගලීකරණයට ලක් කළා. එම නිසා මේ වසරේ සංවර්ධන බැංකු වැඩසටහනක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”





