ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට නැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙම කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කළද මේ වන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගිය බව එම සංස්ථාව නිවේදනය කරයි.
එයට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා ඇති බවත් එම ආයතනය නිවේදනය කරයි. අධික ධාරිතාවයක් සහිතව කසළ භාරගැනීම විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද දැනුවත් කර ඇති බව සංස්ථාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනය වෙත මේ වනවිටත් කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත්, ඒ සඳහාත් විවිධ බාධාවන් මතුව ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.