පසුගිය රජය සමයේදී ජනතාවට සහන ඉල්ලන විට ප්‍රතිවාදී අපේක්ෂකයාගේ රජය වෙඩි පිට වෙඩි වරුෂා එල්ල කර රටේ ජනතාව, මාධ්‍යවේදීන් ඝාතනය කළ බවත්, එම කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයෝ අද නැවත රට තුළ මිනිමරු යුගයක් ඇති කිරීම සඳහා ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටලු හම පොරවාගෙන ජනතවට සහන ලබා දෙනබවට ප්‍රකාශ කිරිමට උත්සාහ කරන බව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන නගරයේ පැවති ජන හමුවට ඊයේ (22) දින එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,
“ප්‍රතිවාදී අපේක්ෂකයා අද වේදිකාවක් වේදිකාවක් පාසා ගොස් ඔහු අහිංසක පුද්ගලයෙක් බව ඔහුගේ මුවින්ම ප්‍රකාශ කරමින් ව්‍යාජ අහිංසකත්වයක් ජනතාවට පෙන්වනවා. ජනතාවට සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින් සිටිනවා. නමුත් ඔහු බලයේ සිටි පසුගිය රජය සමයේදී ජනතාව ජීවත් විමට නොහැකිව සහන ඉල්ලන විට මෙම අහිංසක කියා ගන්නා ප්‍රතිවාදියා වෙඩි උණ්ඩ වරුෂා ලබා දී සහන ඉල්ලන ජනතාව ඝාතනය කළා. රතුපස්වල ජනතාව බීමට පානීය ජලය නොමැතිව පාලකයින්ට දුක කියන විට වෙඩි තබා ජනතාව ඝාතනය කළා. සේවක අර්ථසාධක අරමුදල අවභාවිතාවට විරුද්ධව කටානේ ජනතාව පාරට බහින විට රොෂාන් චානක ඝාතනය කළ ජනතාවට මතකයි. මිගමුවේ ධීවර ජනතාව ඉන්ධන සහන ඉල්ලා පාලකයින්ට දුක කියන විට මෙම අහිංසක පුද්ගලයින් ප්‍රනාන්දු මහතාව ඝාතනය කළා. බලයේ සිටියදී මෙම අහිංසක පුද්ගලයින් සිදු කළ මිනිස් ඝාතන, වංචා, දූෂණ පිළිබඳ ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම් සිදුකළා. අද බැටලු හම පොරවාගත් ව්‍යාජ අහිංසකයෝ සහන ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දී ජනතාව රවට්ටමින් මිනීමරු යුගයක් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා.
මීගමුවේ සිටින ලොකුම කුඩු ජාවාරම්කරු සමග වේදිකාවේ අත උස්සාගෙන සිටින ප්‍රතිවාදී අපේක්ෂකයාට මෙරට කුඩු ජාවාරම විනාශ කරන්න පුළුවන්ද. හෙළිකොප්ටරයෙන් පැමිණ ලොකුම කුඩු ජාවාරම්කරුවාව සිප වැළඳගෙන ඔහුව බේරගන්නවා කියන එකද ඔවුන් ඇති කරන්න යන රටේ ජාතික ආරක්ෂාව. මෙරට ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන, කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන, මිනිස්සු ඝාතනය කරන හැමෝටම එරෙහිව සර්ව සාධාරණ, විනිවිදභාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයි මගේ අදහස. මිනිසාට හිංසා කරන්න, මිනිස් ඝාතන සිදු කරනවට තමන් කිසිසේත්ම අකැමැති වුවත්, රටේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් විනාශ කිරිම බලා සිටිය නොහැකි නිසා එය වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ලබා දීමට මම කටයුතු කරනවා.
රටේ පාසල් දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් සහ තරුණ පරපුර, මුළු ජන සමාජයම විනාශ කරන, කුඩු මුදලාලිලාට සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව සර්ව සාධාරණ නීතියක් යටතේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ඇත්තෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද ? රටේ අනාගතය ගොඩනගන්නේ කොහොමද ? පසුගිය රජය සමයේ පෞද්ගලික හේතුන්, අමනාපකම් මත මිනිස්සු ඝාතනය කළ පුද්ගලයන් අද අහිංසක බව ප්‍රකාශ කරනවා. ප්‍රතිවාදියාගේ පාලනයක් යටතේ පාසල් දරු දැරියන්ට ඊසි කෑෂ් ක්‍රමයට කඩු, මත්ද්‍රව්‍ය හිමිවන අතර තම පාලනය යටතේ දරු දැරියන්ට නොමිලේ දිවා ආහාරය, නිල ඇදුම් කට්ටල 2ක් සහ උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහි කරන්න අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.
ලෝකයේ රටවල් සමග සාකච්ඡා කර විදේශ ආයෝජන, විදේශීය සහයෝගය ලබා ගෙන මාතෘ භූමිය ගොඩ නැගිමේ ශක්තිය තමන්ට තිබෙනවා ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි