ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරවල සිටි වෛද්‍ය සිසුවියන් 302 නෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි වෛද්‍ය සිසුවියන් 302 හා ඊයේ (03) පි.සි.ආර් පරික්ෂණවලට ලක්කරණු ලැබිය. පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (04) උදැසන ලැබුණු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු වෛද්‍ය පිඨයේ නේවාසිකාරගාරවල සිටි වෛද්‍ය සිසුවියන් 302 නෙකුගේ පි.සි.ආර් පරික්ෂණවලට ලක් කරණු ලැබිය.
කෙරෝනා වෛරසය ආසාදනය වු වෛද්‍ය සිසුවියන් දෙදෙනා කොග්ගල අතරමැදි වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.