රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දෝෂාභියෝගයක් සරළ බහුතරයකින් වුවද ඉදිරිපත් කළ හැකි බව ඔහු පැවැසීය.
"දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි."