කිරින්ද මුහුදු වෙරළේ සැඩ පහරකට හසුවී කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි මවද ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් මීට පෙර ඇයගේ සැමියා හා දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය. නුවර එළියේ සිටි විනෝද චාරිකාවක් සඳහා පැමිණ කිරින්ද මුහුදු වෙරළේ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට පත්විය.
පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.