කොරෝනා වෛරසය පැතියාම වළක්වා ගැනීම සඳහා දෙදෙනකු අතර අවම දුර මීටරයක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කළද තවමත් තංගල්ල ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් එය අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිය.
ඇඳරි නීතිය ඊයේ අලුයම් කාලයේ ලිහිල් කිරීමත් සමඟ මසුන් මිලදී ගැනීමට තංගල්ල ධීවර වරායට සාමාන්‍ය පරිදි ජනතාව පැමිණෙති.
ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් නියමිත සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළද තවත් ඇතැමෙක් එක තවමත් අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිවිය. මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවද දෙදෙනකු අතර අවම මීටරයක දුර පවත්වා නොගනිමින් ඒකරාශී වී සිටි ආකාරය දක්නට හැකිවිය.
අනිෂා මානගේ