ආණ්ඩු බලය තිබෙන විට ක්රියා කරන ආකාරය විපක්ෂයේ සිට කටයුතු කරන ආකාරය මගින් පෙන්නුම් කරන හෙයින් කොරෝනා වසංගත තත්ත්වය යටතේ පක්ෂ දේශපාලනයේ පමණක් නොයෙදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්රීවරුන් වෙත අද (06) දැනුම් දී තිබේ.
ජනතාවට සහන දීමේ අඩුපාඩු පෙන්වා දීම අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන් කළ යුතුව තිබේ යැයිද වික්රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.
විපක්ෂයේ සිටින විට ආදර්ශ ලබා දෙමින් ආණ්ඩු බලය ලැබුණු පසු ක්රියා කරන ආකාරය ජනතාවට අවබෝධ කර දීමට මන්ත්රීවරුන් පියවර ගත යුතු බවද පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබේ.