කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතය අවසන් වීමට තවත් බොහෝ දුර බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසයි.
ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙම ලෝක ව්‍යාප්ත වසංගතය තවම අවසන් වී නොමැති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ සමහර ආසියානු රටවල වැඩිවෙමින් පවතින ප්රවණතා පිළිබඳව අඛණ්ඩව සැලකිලිමත් වන බවද ඔහු පැවසීය.
"සෑම කලාපයකම මෙන්ම, මේ කලාපවල බොහෝ රටවල සිදුවීම් හා මරණ වාර්තා වී ඇත්තේ අඩු පරීක්ෂණ ධාරිතාවක් නිසයි" යැයි ටෙඩ්රොස් පැවසීය.
"අප එක්සත් නොවන්නේ නම් වෛරසය පරාජය වන්නේ නැහැ. අප එක්සත් නොවන්නේ නම්, වෛරසය අප අතර ඇති ඉරිතැලීම් සූරාකමින් අඛණ්ඩව විනාශය ඇති කරාවි. අපට ජීවිත අහිමි වනු ඇති" ටෙඩ්රොස් තවදුරටත් පැවසීය.