කොරොන වෛසරය හෝ ඒ හා සමාන වෛරසයක් ඉතාලියේ පළමුව එරටින් කොරෝනා වෛරසය හමුවීමට පෙර සංසරණය වී ඇති බවට වාර්තා වී තිබේ. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමුකරමින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
ඉතාලියේ ජාතික පිළිකා ආයතනය (අයිඑන්ටී) පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා කළේ 2019 ඔක්තෝබර් මස මුලදී ඉතාලි පිළිකා පරීක්ෂණ විෂයන් හතරකගේ රුධිරයේ කොරෝනා වයිරස් ප්‍රතිදේහ ඇති බවට සාක්ෂි හමු වී තිබේ.
එයින් අදහස් වන්නේ චීනයෙන් පළමුව කොවිඩ් ආසාදිතයා වාර්තා වීමටත් මාස තුනකට පෙර හා ඉතාලියේ පළමු ආසාදිතයා වාර්තා වීමට මාස පහකට පෙර එනම් 2019 සැප්තැම්බර් මාසයේ දී ඉතාලියේදි මෙම වෛරසය ආසාදනය වූවන් හමුවීමට ඉඩ ඇත බවයි.
සියෙනා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයකු වන එමානුවෙල් මොන්ටොමෝලි පැවසුවේ අධ්‍යයනයේ සොයාගැනීම් අනාවරණය වූ විගස ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා ඇති බවයි.
මොන්ටොමෝලි පැවසුවේ ඒකාබද්ධ ප්‍රතිඵල මගින් 2020 පෙබරවාරි මාසයේ දී නිල වශයෙන් වාර්තා වූ COVID-19 රෝගියාට වඩා මාස කිහිපයකට පෙර ඉතාලියේ කොරෝනා වෛරසය හෝ ඒ හා සමාන වෛරසයක් සංසරණය වී ඇති බව “ඉතා ඒත්තු ගැන්වෙන සිද්ධියක්” බවයි.
ඉතාලිය ලබාගෙන ඇති සාම්පවල වල කොරෝනා ප්‍රතිදේහ දක්නට ලැබුණ බවත් එසේ වීමට හේතුව වී ඇත්තේ එම පුද්ගලයන්ට කොරෝනා වෛරසය හෝ ඊට සමාන වෛරසයක් ආසාදනය වීම යැයි මෝන්ටෙමෝලි පැවැසුවේය.
“සමහර විට එය 2019 දෙසැම්බරයේ (2019) වුහාන්හිදී සොයාගත් වෛරසයම විය හැකියි.” යැයි ඔහු පැවැසීය.
මොන්ටොමෝලි පැවසුවේ මෙම සොයාගැනීම් වැදගත් වන්නේ ඒවා වෛරසයේ පරිණාමය පිළිබඳ වඩාත් නිවැරදි චිත්‍රයක් නිර්මාණය කිරීමට උපකාරී වන නිසා බවයි.
2019 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මිලාන්හි විශේෂයෙන් දරුණු උණ සමයක් පිළිබඳ වාර්තා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.
2019 දෙසැම්බර් 24 දිනැති ප්රකාශනයක ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලාන් අවට ප්‍රදේශය තුළ “අසාමාන්‍ය” උණ හා නියුමෝනියාව ඇති බවට වාර්තා කර තිබුණි.
එසේම ඉතාලි පුවත්පතක් වන කොරියර් ඩෙලා සේරා 2020 ජනවාරි 7 වන දින "නියුමොකොකස් බැක්ටීරියාව" නිසා ඇති වූ රෝගීන්ගේ දැවිල්ල පිළිබඳ ලිපියක් පළ කළ නමුත් සමහර අවස්ථා වෛරසයක් නිසා ඇති වූවක් බව සඳහන් විය. අසාමාන්‍ය ලෙස ඉහළ රෝගීන් සංඛ්‍යාවක් සිටින මිලාන්හි සමහර රෝහල්වලට අමතර ඇඳන් භාවිතා කිරීමට සිදු වූ බව එම ලිපියේ සඳහන් විය.