ඉදිරියේදී සියලු වරායන්හි ආරක්ෂාව තරකිරීම සදහා නැවත හමුදාව මෙන්ම පොලිසිය යොදවන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ අංශ භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
රටතුල පැතිරයන කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඉදිරියේදී ඒ සදහා සුදානම් විය යුතු ආකාරයන් සම්බන්ධයෙන් වැඩසටහන් සකස් කිරීම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය අංශයන්හි නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සහභාගිත්වයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ජාවකදී මේ බව කියා සිටියේය.
''හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් නොවේ මුළු ලංකාවේම අපේ සෞඛ්‍ය අමාත්‍යංශ ලබාදෙනු ලබන නිර්දේශයන් අනුගමනය කල යුතු වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට අපහසුතාවක් ඇති නොවන ආකාරයෙන් කොරෝනා මර්දනය කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.
විශේෂයෙන්ම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය විදියට මේ රටේ ක්‍රීඩා කේෂේත්රයේ තරුණ තරුණියන් පුහුණු වීම කරගෙන යන්න ඕන ආකාරයන් සම්බන්ධයෙන්ද ඔවුන් දැනුවත් කර තිබෙන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී කියා සිටියේය.
විශේෂයෙන්ම පසුගිය කාලය තුළ අපවිසින් ගම තුළ ක්‍රියාත්මක කළ ගමට බෙහෙත්ටික දෙන එක මෙන්ම අනෙකුත් සුභ සාධන කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරන්න කටයුතු කළ යුතු බවත් ඒ ඇතුලින් මෙම රෝගය පැතිර යාම යම් මට්ටමකට අවම කරගතහැකි බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු .එච් කරුණාරත්න මහතා කියා සිටියේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා රාජ්‍ය අමාත්‍ය ඩි .වී චානක ,පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මෙන්ම දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු ,එච් ,කරුණාරත්න මහතාද එක්වී සිටියහ.