කොවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ජර්මනිය රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය වැනි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම නීතිරීති දැඩි කිරීම සඳහා බර්ලීන් වෙත වැඩි බලයක් ලබා දෙමින් ජාතික ආසාදන පාලන නීති වෙනස් කිරීම සම්බන්ධයෙන්ද ජර්මානු රජය ඊයේ (13දා) එකඟ විය.
ජර්මනියේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,040,356ක් වන අතර, වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 78,924කි.