නව කොරෝනා වෛරස රෙගුලාසියක් යටතේ ඉතාලි මාෆියා ලොක්කන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් නිදහස් කර, නිවාස අඩස්සියට ගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.
සිසිලියානු කෝසා නොස්ට්රා හි ප්රබල මාෆියා නායකයෙකු වන ෆ්රැන්චෙස්කෝ බොනුරා, එන්ඩ්රැන්ගෙටා මාෆියා සාමාජික වින්සෙන්සෝ ඉනාසෝ සහ කැසලේසි මාෆියා සාමාජික පැස්කුවෙල් සාගරියා යන තිදෙනා බන්ධනාගාරයෙන් ඉවත් කොට නිවාස අඩස්සියට ගෙන ඇති බව එරට මාෆියා විරෝධී නීතිවේදියෙකු වන ෆෙඩරිකෝ කැෆීරෝ ඩි රාහෝ හෙළි කරයි.
එහිදී බන්ධනාගාර තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාරගත වූවන් මාස 18ක් හෝ ඊට අඩු කාලයක් බන්ධනාගාරයෙන් ඉවත් කොට නිවාස අඩස්සියේ තැබීමට පහසුකම් සැලසීමට මහේස්ත්රාත්වරුන්ට ඉතාලි රජය විසින් ලබාදුන් බලය මේ සඳහා යොදාගෙන ඇත.
කෙසේ වෙතත් එම නීතිය යොදාගෙන මේ ආකාරයෙන් මාෆියා කණ්ඩායම්වල නායකයන් නිවාස අඩස්සියට ගැනීම ෆෙඩරිකෝ දැඩිව හෙළා දකියි.
මෙම ප්රබල මාෆියා නායකයන්ගේ ක්රියාකාරීත්වය අතිශය සියුම් බව ඔහු කියයි. ඔවුන්ව බන්ධනාගාරය තුළදී පවා අතිශය හුදකලා පරිශ්රයන්හි රඳවා තබන්නේ, එහි සෙසු පිරිස් සමග සබඳතා ගොඩනගා ගන්නා බැවින් බවද පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක, මෙසේ මාෆියා නායකයන්ව නිවෙස් වෙත යැවීමෙන් ඔවුන්ගේ සබඳතා ජාල යළි පහසුවෙන් ගොඩනැගෙන බවත්, එය බරපතළ තත්ත්වයක් බවත් ෆෙඩරිකෝ අවධාරණය කරයි.