උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පිළිබඳ කවුන්සිලය විසින් මේ සතියේ නිකුත් කරන ලද දත්තවලට අනුව, 2020 දී ගෝලීයව ඉදිකරන ලද නව අහස සිඹින උස් ගොඩනැගිලි සංඛ්‍යාව 20%කින් පහත වැටී තිබේ.
පසුගිය වසරේදී මීටර් 200ක් (අඩි 656) හෝ ඊට වැඩි උසකින් යුත් නව ගොඩනැගිලි 106ක් ලොවපුරා ඉදිවී ඇති අතර, එය 2019 දී ඉදිවූ ගොඩනැගිලි 133 ට වඩා අඩුවී තිබේ. එමෙන්ම, එය 2014 න් පසු වසරකදී ඉදිවූ අඩුම උස් ගොඩනැගිල්ලි සංඛ්‍යාවයි.
මෙහිදී වසංගතයේ ප්‍රමාදයන්ට සෘජුවම මුහුණ දුන් ව්‍යාපෘති නවයක් සොයා ගැනීමට කණ්ඩායමට හැකි වී ඇති අතර, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස තවත් බොහෝ ව්‍යාපෘතිවලට දුෂ්කරතා ඇති වී ඇතැයි උපකල්පනය කර තිබේ.