කොවිඩ්-19 වසංගතය හමුවේ දැනටමත් බටකමින් සිටින, ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත් වන ප්‍රදේශ කරා වූ ගමන් මාර්ගයක ඉදිරි පැය 36ක කාලයේදී ඇම්ෆාන් සුපිරි සුළි කුණාටුව බැටදෙනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.
මෙම සුළි කුණාටුව ගොඩබිම වෙත ළඟාවීමත් සමග ඉතා තද වැසි හා සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර, එක්සත් ජනපද ඒකාබද්ධ සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ පැයට කිලෝ මීටර් 270ක සුළං වේගයක් සමග බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.
එතැන් සිට ඇම්ෆාන් තරමක් දුර්වල වී ඇති නමුත් කුණාටුව තවමත් 4 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකට හෝ බටහිර පැසිෆික් සාගරයේ සුපිරි සුළි කුණාටුවකට සමාන වන බව කාලගුණ අංශ පවසයි. ඒ අනුව මේ වනවිට එහි සුළං වේගය පැයට සැතපුම් 240ක් පමණ වෙයි.
ඉන්දියානු සාගරයේ ඊසානදිග කොටසේ බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ බටහිරින් හා වයඹින් ඉන්දියාව, උතුරින් බංග්ලාදේශය සහ නැගෙනහිරින් මියන්මාරය අතර ය.
මිලියන 14කට අධික ජනකායක් වෙසෙන ඉන්දියාවේ කොල්කටා නගරයට ආසන්නව හෙට (20දා) සවස මෙම සුළි කුණාටුව ඉන්දියා-බංග්ලාදේශ දේශ සීමාව කරා ළඟාවිමට නියමිතය.
මෙම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට ශ්‍රී ලංකාවටද අධික වැසි තත්ත්වයක් හා සුළං තත්ත්වයක් ඇති කර තිබේ.