කරදියාන කුණු කන්දට මිශ්රො සහ අවශේෂ කසල බැහැර කිරීමට නොහැකි වන ලෙස පළාත් පාලන ආයතන හතකට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පළවෙනිදා සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසල බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරැම මහතා පැවසීය.
පළාත් පාලන බල ප්‍රදේශ හතක ජීවත්වන මිලියනයක පමන ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කල නොහැකි බව ඔහු පැවසීය.
ඒ අනුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරි සභාපතිවරයා වන චමිල හේරත් මහතාගේ උපදෙස් මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරන බව සඳහන් කළ ඒ මහතා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කරන බවද පැවසීය
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා