කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟළුම් කම්හලේ ප්‍රථමයෙන්ම වාර්තාවූ සේවිකාව සමීපව ඇසුරු කරන ලද අය බව පැවසේ.
මොවුන් නාරම්මල ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියන් බව වාර්තාවේ.
මොවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මොවුන් දෙදෙනාට අමතරව මේවනවිට එම ඇඟළුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සමීපව ඇසුරු කරන ලද තවත් පුද්ගලයන් සිවු දෙනෙකුද පීසීආර් පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.