දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් ” කරුණා අම්මාන් ’’අම්පාරේ පැවති රැස්විමකදි හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු උපකාරක පන්ති ගුරුවරයෙකු ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරී 09 කැදවීමට අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු කඩුවෙල බෝමිරියේ පදිංචි බෝසෙත් කලෙහේ පතිරණ මහතා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් ”කරුණා අම්මාන්” සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කොට ඇත.
කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකුද වන අතර ඔහු ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදි. ඉකුත් 20 වනදා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්විමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.
මෙම ප්‍රකාශය තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත. සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලිසියට පැමිණිලිකර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.