හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ ව පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ පිළිබඳව අවධානය යොමුව ඇතැයි කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මේ අනුව කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පතෙහි පිටපතක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමුකිරීමට කටයටතු කර තිබේ.
2020 වසර සඳහා නව සාමාජික කාඩ්පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික කාඩ්පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගෙන ඇතැයි ඔවුන් පවසයි.