එක්සත් ජනපද ඩිමොක්රටික් උප ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික කමලා හැරිස් ඊයේ (17දා) හදිසියේම කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කර තිබුණේ ඇගේ සහායකයෙකු වෛරසය සඳහා ධනාත්මක වීමත් සමගිනි.
කෙසේ වෙතත් ඇය මේ දිනවල මැතිවරණ ප්රචාරක කටයුතුවලට සහභාගී වන පරිසරයක ඇයට කොවිඩ්-19 සෘණාත්මක ප්රතිඵලයක් පැමිණ ඇති බව පසුව නිවේදනය කෙරෙණි.
ඇයගේ සන්නිවේදන අධ්යක්ෂක මෙන්ම, ඇය ගමන්කළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකද කොවිඩ්-19 ආසාදිතව සිට ඇති බව මෙසේ අනාවරණය විය.
නමුත් ඇයට ලැබුණු සෘණාත්මක පරීක්ෂාවෙන් පසුව ඇය සඳුදා සිට ෆ්ලොරීඩාව බලා පිටත්ව යන බව මැතිවරණ ප්රචාරක කාර්යාලය පවසා තිබුණේ, සුපුරුදු ප්රචාරක රැළිවලට සහභාගී වන බවට ඉඟි කරමිනි.
මේ අතර ඇමෙරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්රම්ප්ද කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබීමෙන් පසු මේ වනවිට මැතිවරණ ප්රචාරක රැලිවලට සහභාගී වෙමින් සිටින්නේ, එරට තුළ සමස්ත ආසාදිත අගය 8,105,000ක් ඉක්මවා, මරණ 219,300ක් පමණ වාර්තා වන පසුබිමකය.