චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් සමූහයක් ඊයේ (11දා) කැමරූන් අගනුවර වන යවුන්ඩ් වෙත පැමිණ තිබේ.
කැමරූන් අගමැති ජෝශප් ඩියොන් නගුට් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් මෙම එන්නත් තොගය කිරීම පිළිගැනීම සඳහා ගුවන් තොටුපලේ සිටි නිලධාරීන් අතර විය.
වසංගතය ආරම්භයේ සිට කැමරූන් විසින් ගෙනඑන ලද ඕනෑම කොවිඩ්-19 මර්දන එන්නතක පළමු වැනි තොගය මෙය බව එරට බලධාරීන් පවසයි.
මේ අතර, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි තොගය ඊයේ (11දා) ඉරාකය වෙත ලැබී තිබුණි.
බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාරදීමේ උත්සවයකට ඉරාකයේ චීන තානාපති ෂැං තාඕ, ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමමි සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉරාක සෞඛ්‍ය නිලධාරීන් සහභාගී වූහ.