ඡන්ද විමසීමක් පවතින විට බොහෝ දෙනා සඳහන් කරන 'කොමිපියුටර් ජිල්මාට්' හා ඡන්ද පෙට්ටි මාරු කිරීම පිළිබඳ කථා මිත්‍යා කථා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙවර ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවත් අවසන් ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දිවා ආහාරයට ප්‍රථමව නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.