නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ. එක්සත් ජානතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් සිය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ. පෙ.ව. 8.30ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව කැබිනට් රැස්විමද පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.