කැබිනට් මණ්ඩලය තුළ කිසිම අසමගිතාවක් නොමැති බවත් කිසිමදාක වෛරයෙන් රටක් ගොඩනැගිය නොහැකි බවත් අමාත්‍ය රවි කරුණනායක මහතා පැවැසීය.
“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ.”
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.
“කැබිනට් මණ්ඩලය රැස්වුණා. මෙහිදි අපි රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කළා. පසුගිය සමයේ මාධ්‍ය විසින් ජනතාව අතර මතයක් ඇතිකරලා තිබුණා කැබිනට් මණ්ඩලය තුල යම් යම් අසමගිතාවන් ඇතිවී තිබෙනවා කියලා. නමුත් අද අපි ඒ සියලු මත බිද දමලා, අපේ එකමුතු භාවය පෙන්නුම් කළා.
යම්යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි එකමුතුවෙලා, අපේ රටේ අහිංසක ජනතවට අදට වඩා හොද හෙට දවසක් ඇතිකරනවා "